මාස 18කට පසු කොටස් වෙළඳපොලේ සීග්‍ර බැස්මක්

(කොළඹ, ලංකාපුවත්) – මාස 18 කට පසු, කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය, ඒකක 6000 ට වඩා අඩු අගයක් අද(18) වාර්තා කරයි.

අද දින ගනුදෙනු අවසානයේ දී පස්වරු 2.30 ට සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 5,967.97 ක් ලෙසින් වාර්තා වී තිබේ.

මීට පෙර අවසාන වරට ඒකක 6,000 න් මෙපිටට සියලු කොටස් මිල දර්ශකය පැමිණියේ 2017 වසරේ මාර්තු 22 දිනය.

මේ අනුව මාස 18 ක් තුළ අවමයට කොටස් වෙළෙඳපොළ පැමිණ තිබේ.

2018 වසර තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීම මේ වන විට 6% සීමවා ඉක්මවා ගොස් ඇත.

සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,000 සීමාව මුල් වරට ඉක්මවා ගියේ 2010 සැප්තැම්බර් 09 වනදාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *