ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – පස් වරක් ආසියානු කුසලානයට හිමිකම් කියු ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් විමට සිදුවිය. ඒ ඇෆ්ගනිස්ථානය හමුවේ ශ්‍රි ලංකා කණ්ඩායම ලද ලකුණු 91 ක පරාජයත් සමගිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්ථානය හමුවේ එක්දින තරගයකදි පරාජයට පත්වු පළමු අවස්ථාව මෙය වේ.

අබුඩාබි හි පැවති මෙම තරගයේදි මුලින් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන පිල සිය පන්දු ඕවර 50 දි සියළු දෙනා දැවී ලකුණු 249ක් රැස් කරගනු ලැබීය.

ලකුණු 250 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමට පැමිණි ශ්‍රී ලංකා පිලේ පන්දු ඕවර 41.2 කදි සියලු දෙනා දැවි රැස් කරනු ලැබුවේ ලකුණු 158ක් පමණි. ශ්‍රි ලංකා පිල වෙනුවෙන් උපුල් තරංග ලකුණු 36ක් සහ තිසර පෙරේරා ලකුණු 28ක් රැස් කරගනු ලැබීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පළමු ඕවරයේදිම කඩුල්ල මුවා කිරිමේ වරදට ලකුණු නොලබාම දැවි ගිය අතර මෙම තරගාවලියේ කුසල් මෙන්ඩිස් ක්‍රිඩා කළ තරග දෙකේදිම ලකුණු නොලබා දැවි යාම විශේෂත්වයකි.

තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රි ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේ සමස්තයක් වශයෙන් ගත් කළ කණ්ඩායමේ සියළුම ක්‍රිඩකයින් දුර්වල ක්‍රිඩා විලාසය පරාජයට හේතුවු බවයි.

ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත් විමත් සමග “බි” කාණ්ඩයෙන් දෙවන වටය සදහා පිවිසිමට බංග්ලාදේශ පිල සහ ඇෆ්ගනිස්ථානය සුදුසුකම් ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *