චීන ණය සහ ආධාර යටතේ කි‍්‍රයාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය ජනපති සොයා බලයි

(කොළඹ, ලංකාපුවත්) – චීන ණය සහ ආධාර යටතේ ශ‍්‍රී ලංකාව තුළ කි‍්‍රයාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය සමාලෝචනය කිරීමේ සහ අදාළ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමේ දී මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

අදාළ සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය සහ ප‍්‍රගතිය මෙහිදී දීර්ඝ වශයෙන් සමාලෝචනයට ලක් කෙරුණු අතර, මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට ගතයුතු පියවර පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේ ජනතා සුබසෙත වෙනුවෙන් කි‍්‍රයාත්මක මෙම සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ශ‍්‍රී ලංකා රජයෙන් ගතයුතු පියවර කඩිනමින් ගැනීමට කටයුතු කරන බවයි.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් පී. සමරකෝන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග යන මහත්වරුන් ඇතුළු නිලධාරින් සහ චීන තානාපති චෙන්ග් ක්ෂුවාන් (Chang Xueyuan) මහතා ඇතුළු නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 + 12 =