ත්‍රිපිටකය ජාතික උරුමයක් වශයෙන් නම් කරයි

(කොළඹ, ලංකාපුවත්) –සම්බුද්ධ දේශනා සියල්ල ඇතුළත් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් වශයෙන් නම් කිරීමට සහ එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

මේ පිළිබඳව ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාව සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

මේ බව අද (19) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී සම කැබිනට් ප්‍රකාශක,අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ ය.

ත්‍රිපිටකයට සම්බන්ධ නැවත මුද්‍රණය හා අනෙකුත් කටයුතු බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සිදු කිරීමටත් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා, බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා
මහතා, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල යෝජනාව ඉදිරිපත් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *