මියන්මාරයට එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණයක්

(කොළඹ, ලංකාපුවත්) – රෝහින්යා සරණාගතයින් සම්බන්ධයෙන් මියන්මාරයට එල්ල වී ඇති අපරාධ චෝදනා පිළිබඳව ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් මූලික පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එමගින් රෝහින්යා සරණාගතයින් දහස් සංඛාත පිරිසක් ඝාතනය කිරීම හා ලක්ෂ 7ක පමණ පිරිසක් අවතැන්වීම සම්බන්ධයෙන් මියන්මාර හමුදාවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සම්පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමේ හැකියාව පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නීතී සම්පාදක ෆැටෝ බෙන්සෝවුඩා පවසා ඇත්තේ මියන්මාර හමුදාවට එල්ල වී ඇති මූලික අයිතිවාසිකම් කඩවීම්, ඝාතනය කිරීම් හා ලිංගික අපයෝජන චෝදනා සම්බන්ධයෙන් සම්පූර්ණ පරීක්ෂණයක් සිදුකිරීමට තීරණය කර ඇති බවයි.

කෙසේවෙතත් පසුගිය මාසයේදී මියන්මාර හමුදාව විසින් ජන සංහාරයක් සිදුකළ බව පවසමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සකස් කළ වාර්තාවක් මියන්මාර රජය විසින් ප්‍රතික්ෂේප කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − 19 =