ඉන්දීයාවට ලකුණු 26 ක ජයක්

(කොළඹ, ලංකාපුවත්) – ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය ලෙස ඉන්දියාව සහ හොංකොං කණ්ඩායම් අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (18) පැවැති තරගය ලකුණු 26 කින් ජය ගැනීමට ඉන්දියාව සමත්විය.

ඒ අනුව පාකිස්තානය සමගින් පැවැති තරගයද පරාජයට පත්වූ හොංකොං කණ්ඩායමට ඒ අනුව ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 50 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 285 ක් රැස්කිරීමට සමත්විය.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 286 ක ඉලක්කයක් හඹාගිය හොංකොං කණ්ඩායමට ඕවර 50 අවසානයේ කඩුලු 08 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 259 ක් පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *