බන්දුල ඇතා නිදහස් කරන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – දෙහිවල සත්වෝද්‍යානයේ වසර 67ක් පුරා විලංගු දමා සිටින ‘බන්දුල‘ නමැති ඇතා නිදහස් කොට රිදියගම සෆාරි වනෝද්‍යානයට යවන්නැයි ඉන්දීය කාන්තා හා ළමා ඇමතිනී මනේකා ගාන්ධි මහත්මිය ඉල්ලීමක් කර ඇත.

ශ්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ලිපියක් යවමින් අදාළ ඉල්ලීමක් කර ඇතැයි ද හින්දු පුවත්පත වාර්තා කර තිබේ. පසුගිය සිකුරාදා(14) මෙම ලිපිය යොමු කර ඇති බව සදහන් වේ.

1947 වසරේ උපත ලබා ඇති මේ වන විට 69 හැවිරිදි බන්දුල ලොව වයස්ගතම අලි ඇතුන් අතර 11 වන ස්ථානය ගන්නා බවත් ඔහුට නිදහසේ සිටීමට දීම ඉතා වටිනා බවත් ඇය සිය ලිපියේ සඳහන් කර ඇතැයි එම පුවත්පත කියයි.

1951 වසරේ දී එවකට තුන් හැවිරිදි වියේ දී බන්දුලව ශ්‍රී ලංකාවට ලබා දී ඇත.

දැන් ඔහු නිදහස් කළ යුතු බවට බලකෙරෙන ‘‘මාව දම්වැලෙන් නිදහස් කරන්න- බන්දුල අඬයි’’ මැයෙන් වූ අන්තර්ජාල පෙත්සමක් මේ දිනවල අත්සන් කෙරෙන අතර මේ වනවිට දශලක්ෂ පන්සියයක් දෙනා අස්සන් කර ඇති එම පෙත්සමට මනේකා ගාන්ධි මහත්මිය ද අස්සන් කර ඇතැයි හින්දු පුවත්පත තවදුරටත් සදහන් කරනු ලැබේ.

බන්දුල සමඟ තවත් යදමින් බැඳ සිටින අලි ඇතුන් හය දෙනෙක් නිදහස් කරන ලෙස ද ජනාධිපතිවරයා වෙත ගාන්ධි මහත්මිය යවා ඇති ලිපියෙන් ඉල්ලා ඇතැයි හින්දු පුවත්පත කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *