මූල්‍ය ආයතනයකින් ලක්‍ෂ 17ක් කොල්ල කයි

(කොළඹ, ලංකාපුවත්) – චාවකච්චේරිය නගරයට ආසන්නයේ පිහිටි මූල්‍ය ආයතනයකින් රුපියල් ලක්‍ෂ 17ක මුදල් අද(19) උදෑසන කොල්ල කා ඇත.

මෙම මූල්‍ය ආයතනයේ ආරක‍්ෂක නිලධාරියෙකු සිට නොමැති අතර සම්පූර්ණ මුහුණු ආවරණයවන හෙල්මටයක් පැලද පැමිණි පුද්ගලයෙකු මුදල් අයකැමිට පිහියක් වැනි යමක් පෙන්වා බිය ගන්වා මෙලෙස මුදල් කොල්ල කා ඇති බව සදහන් ය.

සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා චාවකච්චේරිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *