උතුරු කොරියාව සමඟ යළි සාකච්ඡාවලට අමෙරිකාව සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – උතුරු කොරියාව සමඟ යළිත් සාකච්ඡා කිරිමට සූදානම් බව අමෙරිකාව ප‍්‍රකාශ කරයි.

න්‍යෂ්ටික අත්හදාබැලීම් සම්පූර්ණයෙන් නතර කිරිම සඳහා ඔවුන් යොමුකිරිමයි එහි අරමුණ වී තිබේ.

උතුරු දකුණු කොරියා නායකයන්ගේ සාකච්ඡාවලින්ද යහපත් ප‍්‍රවේශයක් ලැබී තිබේ. එය අඛණ්ඩව පවත්වා ගැනීම මූලික අවශ්‍යතාවකි.

2021 වසර වනවිට උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන් සම්පූර්ණයෙන් නතර කිරිම සැලැසුම වී ඇති අතර ඒ සඳහා කඩිනම් සාකච්ඡාවක් සඳහා අමෙරිකාව සූදානම් බව රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ සඳහන් කළේය.

දකුණු කොරියා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවේදී ද න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් වසා දැමීමට උතුරු කොරියා නායකයා එකඟත්වය පළකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *