බලාගාරවලට ලබන මාසයේ කෘතීම වැසි

(කොළඹ, ලංකාපුවත්) –ජල විදුලිය නිෂ්පාදනය කරන බලාගාර ආශ‍්‍රිත වැසි ඇති කිරිමේ නියමු ව්‍යාපෘතිය ලබන මාසයේ දී ආරම්භ කරන බව විදුලි බල අමාත්‍යංශය සදහන් කරයි.

මාඋස්සාකැළේ සහ කාසල් රී ජලාශ මූලික කරගෙන එය ආරම්භ වේ.

ජල විදුලි නිෂ්පාදනයට මතුව ඇති අභියෝග සමථයකට පත්කර ගැනිම එහි අරමුණවී තිබේ. තායිලන්තයේ සහාය වැඩපිළිවෙලට හිමිවන බව විදුලි බල අමාත්‍යංශ අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.

නියඟය හේතුවෙන් මතුවන ගැටළුවලට විසදුම් ලබාදිමටද ඉන් හැකිවන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *