අනගාරික ධර්මපාල අනුස්මරණ වෛද්‍ය කදවුර පන්නිපිටිය ධර්මපාල විද්‍යාලීය පරිශ‍්‍රයේ දී

(කොළඹ, ලංකාපුවත්) –ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 154 වන ජන්ම සංවත්සරය නිමිත්තෙන් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලීය ආදිශෂ්‍ය සංගමයේ අරලිය කණ්ඩායම විසින් වාර් ෂිකව සංවිධානය කරන වෛද්‍ය කදවුර මේ මස 30 වන ඉරුදින පෙරවරු 7 සිට පස්වරු 2 දක්වා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලීය පරිශ‍්‍රයේදි පැවැත් වේ.

අනගාරික ධර්මපාලතුමාගේ ජන්ම දිනය සැමරීම නිමිත්තෙන් සෑම වසරකම සැප්තැම්බර් මාසය තුල දී ගුණ සැමරුම් වැඩසටහන් රැසක් විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන අතර මෙම වෛද්‍ය කදවුරට සුවිශේෂි ස්ථානයක් හිමි වේ.
මෙම සමාජ සත්කාරක වැඩසටහන සදහා විශේඥ වෛද්‍යවරුන් ඇතුඵ වෛද්‍යවරුන් 100 කට අධික සංඛ්‍යාවක් සහභාගි වන අතර විශාල සායන ප‍්‍රමාණයක් සහ වෛද්‍ය පරීක්‍ෂණ එකක රැසක් ද ඊට ඇතුලත් වේ.

බටහිර, ආයුර්වේද හා හෝමියෝපති වෛද්‍ය ක්‍ෂෙත‍්‍ර නොමිලේ වෛද්‍ය පරීක්‍ෂණ හා ඖෂධ ලබාදීමට පියවර ගෙන තිබේ. මෙම වෛද්‍ය සායනය සදහා පන්නිපිටිය, මහරගම, කොට්ටාව, හෝමාගම හා තලවතුගොඩ ප‍්‍රදේශවල වාසය කරන 2000 කට අධික ජනතාවක් වාර්ෂිකව පැමිණ සිය රෝගවලට ප‍්‍රතිකාර ලබාගනියි.

විශේෂඥ වෛද්‍ය සායන යටතේ කායික රෝග, ළමා රෝග, ශල්‍ය රෝග, උගුර-කණ-නාසය පිළිබද සායන, මාතෘ සායන, ස්නායු රෝග, ප‍්‍රසව හා නාරිවේද සහ වේදනා නාශක යන සායන පැවැත් වේ. රෝග හදුනාගැනීමේ සායන අතරට ගැබ්ගෙල-පැප් පරික්‍ෂාව හා පියයුරු පිළිකා හදුනාගැනීම සිදු කෙරෙයි. සීනි, කොලෙස්ටරෝල් හා ECG පරික්‍ෂණ රසායණාගාර පරික්‍ෂණ යටතේ පැවැත් වේ.

මීට අමතරව ආයුර්වේද වෛද්‍ය සායන, කටු චිකිත්සක වෛද්‍ය සායන, හෝමියෝපති වෛද්‍ය සායන හා දන්ත වෛද්‍ය සායන මෙන්ම සෞඛ්‍ය උපදේශනය යටතේ මනෝ චිකිත්සක, සෞඛ්‍ය අධ්‍යාපන සහ පවුල් සැලසුම් සේවා ද පැවැත් වේ.

වෛද කදවුර අවසානයේ ඉතිරි වන ඖෂධ සියල්ලම පසුගිය වසර කිහිපය පුරාම පන්නිපිටිය රජයේ මධ්‍යම බෙහෙත් ශාලාවට සහ වෑතර දිසා මූලික රෝහලය පරිත්‍යාග කිරීමද විශේෂත්වයකි.

මෙවර වෛද්‍ය සායනයට පැමිණ රෝගී තත්ත්වයන්ට ප‍්‍රතිකාර, පරික්‍ෂණ හා අවශ්‍ය ඖෂධ නොමිලේ ලබාගන්නා ලෙස පන්නිපිටිය ධර්මපාල විද්‍යාලීය ආදිශෂ්‍ය සංගමයේ අරලිය කණ්ඩායම විසින් ඔබ සියලූ දෙනාට ආරධනා කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *