ඉතිහාසයේ වෙන් කළ වැඩිම වියලි සහනාධාර මුදල මෙවර

(කොළඹ, ලංකාපුවත්) –වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන ලබාදීමට ඉතිහාසයේ වෙන්කළ වැඩිම මුදල මෙවර වෙන්කර ඇති බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

වියළි කාලගුණය දිවයිනේ දිස්ත්‍රික් 18 කට බලපෑම් එල්ලකර තිබේ. පවුල් ලක්ෂ දෙකකට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි. ඔවුන් වෙනුවෙන් සහන වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මකය.

වියළි කාලගුණයෙන් අනුරාධපුරය, අම්පාර, කිලිනොච්චිය, කුරුණෑගල, පුත්තලම ඇතුළු දිස්ත්‍රික් රැසකට බලපෑම් එල්ලවී ඇත.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක ජනතාව පානීය ජල ගැටලුවට ද මුහුණදී සිටි. බොහෝ ප්‍රදේශවල වැව් සියල්ල සිඳීගොස් ඇති ආකාරය දැකගත හැකිය. බසවක්කුලම වැව සිඳීයාමට ආසන්න තත්ත්වයේ පවති.

කෘෂිකර්මාන්තයට මෙන්ම ගව පාලනයට එල්ලවී ඇති බලපෑම් හේතුවෙන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව ජනතාව පවසයි.

නියඟයෙන් පීඩාවට පත්ව සිටින මහවිලච්චිය ජනතාවට අවශ්‍ය සහනාධාර කඩිනමින් ලබාදෙන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී ඇත. ඒ අනුව පවුල් හාරදහස් හත්සියයක් සදහා මසකට රුපියල් මිලියන 21 බැගින් නියඟය අවසන් වනතුරු ලබාදීමට කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *