නාරා ආයතනයේ පුස්තකාලය අන්තර් ජාලයට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ පර්යේෂණ ක්ෂේත්‍රයට සේවයක් වශයෙන් සැළකෙන නාරා ආයතනයේ පුස්තකාලය ඩිජිටල්කරණය කර අන්තර්ජාලයට එක් කිරීම පසුගිය දා සිදු විය.

ජාතික ජලජ සමිපත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය, නාරා ආයතනය යනු ධීවර හා ජලජ සමිපත් ක්ෂේත්‍රයේ පර්යේෂණයන් සිදුකරන පූමුඛ ආයතනයයයි.

ජලජ සමිපත් ක්ෂේත්‍රයේ පර්යේෂණයන්හි නියැලෙන පර්යේෂකයන්හට අවශ්‍ය පහසුකමි සලසන මෙම පුස්තකාලය විශේෂ පුස්තකාලක් වශයෙන් විෂය සම්බන්ධ විශේෂඥයන්හට පර්යේෂණයන්හි නියැලීමට අවශ්‍ය පහසුකම් ලබාදීම සදහා විවිධ තොරතුරු ප්‍රභවයන්ගෙන් පුචාරය වන විද්‍යා සහ පර්යේෂණ දැණුම ලබා ගැනීමට සැලැස්වීම පුධාන අරමුණකි.

මෙහිදී අඳහස් දැක්වූ නාරා ආයතනයේ සභාපති මහාචාර්ය දයා එදිරිසිංහ මහතා ප්‍රකාශකර සිටියේ, අන්තරජාලය යනු මෙම සියවසේ මිනිසා විසින් බිහිකළ විශිෂ්ට නිර්මාණයක් බවත් එමගින් විපුල ප්‍රයෝජන ලබාගැනීම පර්යේෂණ ක්ෂේත්‍රයේ නියෙලෙන්නන්හට අතවශ්‍ය කරුණක් බවයි.

වැඩිදූරටත් අදහස් දැක්වූ සභාපතිවරයා ,
” අද වනවිට ග්‍රන්ථ පරිශීලනය බොහෝ අය අතරින් ඉවත්ව ගොස් ඇති බවත් ඒ වෙනුවට අන්තර්ජාලය මගින් තොරතුරු ලබාගැනීමේ ප්‍රවනතාවය වැඩිවී ඇතිබවත් මෙයට හේතුව ක්ෂණිකව තොරතුරු ලබාගැනීමට හැකිවීම නිසාය.

ශ්‍රීලංකා විවෘත විශ්ව විද්‍යාලය සහ නාරා ආයතනයේ පුස්තකාලය හා තොරතුරු අංශය එක්ව මෙම ඩිජිටල් කරන කටයුත්ත සදහා දායක විය. මෙමගින් ඉතාමත් වටිනා ග්‍රන්ථ, පර්යේෂණ වාර්තා, ලිපි ලේඛන ආදියේ තොරතුරු පිළිබදව ෂණිකව තොරතුරු ලබාගැනීමට පාඨකයන් හට හැකියාව ලැබීම විශේෂත්වයකි .

අවස්ථාව සදහා නාරා ආයතනයේ සභාපති බී. සී. ඩබ් ඉද්දමල්ගොඩ මහතා, අධ්‍යක්ෂ වරුන්, ප්‍රධාන පුස්තකාලයාධිපති තුමිය, ශ්‍රීලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නිලධාරීන්, ප්‍රධාන පුස්තකාල කීපයක පුස්තකාලාධිපතිවරුන් ඇතුළු නාරා ආයතනයේ නිලධාරීන් සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *