වෙරළ තීරයන් 100 කදී සමුද්‍ර පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහන්

(කොළඹ, ලංකාපුවත්) – අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සුරකීමේ සතියට සමගාමීව දිවයින වටා වෙරළබඩ දිස්ත්‍රික්ක 14 ක වෙරළ තීරයන් 100 කදී පමණ සමුද්‍ර පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබේ.

ජාතික සමුද්‍ර සම්පත් සුරකීමේ සතිය ලබන විසි දෙවනදා දක්වා ක්‍රියාත්මකය.

අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සුරකීමේ සතියට සමගාමීව පැවති ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතාගේ සහභාගීත්වයෙන් ගාල්ල,දඩල්ල වෙරළ තීරයේදී පසුගියදා පැවැත්වුණි.

මෙහිදී ජනාධිපතිතුමා සහ අජිත් මාන්නප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා ගාල්ල,දඩල්ල වෙරළ තීරයේ පිරිසිදු කිරීමේ කටයුතුවලට දායකවීමද විශේෂත්වයකි.

මෙහිදී අති නවීන පහසුකම්වලින් යුතු විද්‍යාගාරයක් සහිත සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ දකුණු පළාත් කාර්යාල සංකීර්ණය විවෘත කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *