ශ්‍රීලන්කන් වෙතින් ශීත ඝෘතුවට වෙනස්කමක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රීලංකන් ගුවන් සමාගම ශීත සෘතුවේ දී ගුවන් ගමන් කාලසටහනට වෙනස් කරමින් A330-300 යානා මෙල්බර්න් දක්වා දිනපතා ගුවන් ගමන් ක්‍රියාත්මක කිරිමට තිරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සිය මාර්ග ජාලය පුරාම වෙළෙඳපොළ අවස්ථා තවදුරටත් පුළුල් කිරිම ඔක්තෝබර් 28 වනදා ආරම්භ කරනු ලැබේ.

ජාතික ගුවන් සේවයට අලුතින් එක්වු පුළුල් බඳ සහිත A330-300 ගුවන් යානා තුළ සුව පහසු අභ්‍යන්තර පහසුකම්, උසස් තාක්ෂණික ලක්ෂණ සමගින් මගීන්ට විශේෂිත වූ පියාසර අත්දැකීමක් රැසක් අත්විඳිමට හැකියාව පවතී. සංචාරය තුළ දී නැරඹීම සඳහා චිත්‍රපට 100 කට අධික සංඛ්‍යාවක් තොරා ගැනීම, සජීවී ප්‍රවෘත්ති සහ කාලගුණික තොරතුරු ලබා ගැනීමේ අවස්ථාව සහිත විනෝදාත්මක අංගයන් රැසකින් මෙම මැදිරි සමන්විත වේ. එසේම සුඛෝපභෝගී පහසුකම් අත්විඳිමන් Wi-Fi සම්බන්ධතාවන් ලබා ගැනීමට, ඇමතුම් ලබා ගැනීම සහ හෝ ඊමේල්පණිවිඩ යැවීමටද මගීන්ට අවස්ථාව සැලසේ.

ඔක්තෝබර් 29 වන දින සිට කොළඹ-සිංගප්පූරුව – කොළඹ දක්වා සිදුකෙරෙන ගුවන් ගමන් වාර පුළුල් කර තිබෙනවා. ඒ සඳහා පුළුල් බඳ සහිත එයාර්බස් A330 ගුවන් යානා හඳුන්වා දීමෙන් නවීන පන්නයේ විනෝදාත්මක පද්ධතිය, සුඛෝපභෝගී ආසන සහ ප්‍රණීත ආහාර අත්විඳීමන් ගුවන් සංචාරයේ යෙදීමට මගීන්ට අවස්ථාව සැලසනු ඇති.

සතිපතා ගුවන් මෙහෙයුම් වැඩි කිරීමට අනුව සතියකට ගමන් වාර 17 සිට 21 ක් දක්වා ඉහළ යනු ඇත. එහිදී ගුවන් මෙහෙයුම් 7 ක් එයාර්බස් 330-300 ගුවන් යානා මගින් මෙහෙයවනු ලබන අතර ඉතිරි ගුවන් මෙහෙයුම් 14 නවතම A 320 / A 321 Neoගුවන් යානා මගින් ක්‍රියාත්මක කෙරෙනවා.

ගුවන් ගමන් ධාරිතා වැඩිදියුණු කිරීමත් සමග සතියකට අතිරේක ආසන 2400 කට වැඩි ප්‍රමාණයක් පිරිනැමීමට අපේක්ෂා කරන අතර එමඟින් ගුවන් සේවය සිය ගුවන් මගීන්ට වැඩි සේවාවක් සැපයීමට සමත්ව තිබෙනවා.

ඈත පෙරදිග මෙහෙයුම් නැවත ඇගයුමට ලක් කරමින්, ඔක්තෝබර් 27 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි හොංකොං මෙහෙයුම් අත්හිටුවීමට ද තිරණය කර තිබෙනවා. ව්‍යාපාරික තක්සේරුවකින් අනතුරුවයි ශ්‍රි ලන්කන් සමාගම මෙම තීරණයට එළඹ ඇත්තේ. කෙසේ වෙතත් ගුවන් සමාගම හොංකොං කලාපයේ අනාගත අවස්ථාවන් ඇගයුමට ලක්කරමින් වෙළදපොල සමග අඛණ්ඩව කටයුතු කිරිමට ද බලාපොරොත්තු වනවා.

හොං කොං වෙත යාමට සහ පැමිණීමට දැනටමත් ටිකට්පත් මිලදී ගෙන ඇති මගීන්ට අනෙකුත් ගුවන් සමාගම් ඔස්සේ ගුවන් ගමන් සිදුකිරීමට කටයුතු සලසා දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සම්මානලාභී ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජික ගුවන් සේවයක් ලෙස කොළඹ සිට ගෝලීය ගුවන් ගමන් ජාලයේ රටවල් 48 ක ගමනාන්ත 114 දක්වා සිය ගුවන් ගමන් සිදුකරනු ලබනවා. නවීන ගුවන් යානාවන් හි සුවපහසු ආසන, නවීන පන්නයේ විනෝදාස්වාදක පද්ධති, ගුවන් යානා අභ්‍යන්තර ආහාරපාන මෙන්ම සුහදශීලී ගුවන් මැදිරි කාර්ය මණ්ඩලයේ උණුසුම් ආගන්තුක සත්කාරය අත්විඳීමට ශ්‍රීලංකන් ගුවන් මගීන්ට මෙමගින් හැකි වේ.

ශ්‍රීලංකන් සිය වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා හරහා රටවල් 160 ගමනාන්ත 1000 දක්වා ගුවන් ගමන් සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *