ඉම්රාන් ඛාන්ගෙන්, ඉන්දීය අගමැතිට ඇරයුමක්

(කොළඹ, ලංකාපුවත්) –2015 වසරේ අත්හිටවනු ලැබූ ඉන්දු-පකිස්තාන සාකච්ජා යළි ආරම්භ කිරීමට පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට යෝජනා කර තිබේ

ලිපියක් මගින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට මේ යෝජනාව ඉදිරිපත් කර ඇත.

පකිස්තාන අග්‍රාමාත්‍යවරයා, දිවුරුම් දීමෙන් පසු ප්‍රකාශ කළේ, ඉන්දියාව සමඟ සාමය තහවුරු කිරීමට තමා උත්සුඛ වන බවයි. එම පොරොන්දුව යථාර්ථයක් බවට පත්කිරීමට ඔහු දැන් උත්සාහ දරමින් සිටියි.

ඉන්දියාවේ සහ පකිස්තානයේ ඉදිරි ගමන රැඳී ඇත්තේ ද්වීපාර්ශ්වීය වශයෙන් ඵලදායී සහයෝගීතාවක් සඳහා යොමුවීම මත පමණකැයි පකිස්තාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත්, කාශ්මීර දේශසීමාවේ පවතින ගැටුම්කාරී තත්වය සාම යෝජනාවට දැඩි තර්ජනයක් එල්ලකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *