චීන අක්ෂර කලා ප්‍රදර්ශනය මහජනතාවට විවෘත වෙයි

(කොළඹ, ලංකාපුවත්) –චීනයේ අක්ෂර කලාව ඇතුලත් සුවිශේෂි ප්‍රදර්ශනයක් පසුගිය 19වනදා කොළඹ 07, ජේ.ඩී.ඒ. පෙරේරා ප්‍රදර්ශන ශාලාවේදී විවෘත කෙරිණි.

චීනයේ ජාත්‍යන්තර සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය හා ශ්‍රි ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය, ශ්‍රි ලංකාවේ චීන තානාපති කාර්යාලය, ආතර් එම් සක්ලර් පදනම මෙම ප්‍රදර්ශනය සංවිධානය කළහ.

ප්‍රදර්ශනය සඳහා චීන අක්ෂර කලා නිර්මාණ 51 ක් එක්කර තිබිණි.මෙම අක්ෂර චිත්‍ර නිර්මාණය කල ශිල්පීන්ද මෙම අවස්ථාවට එක් වී සිටි අතර, එහිදී ඔවුන් විසින් ප්‍රායෝගිකව අක්ෂර චිත්‍ර නිර්මාණය කරනු අයුරු නරඹන්නට පෙන්වීමට කටයුතු කළහ.

ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්,කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා එක් විය.ශ්‍රි ලංකාවේ චීන තානාපති කාර්යාලයේ උප තානාපතිනී පන් චුන්ෂු ( Pan Chanxue) ශ්‍රි ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමයේ සභාපති, ඉන්ද්‍රානන්ද අබේසේකර, චීන ජාත්‍යන්තර සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ මහලේකම්, ෂියු හොන්ග්හායි (mr.Xu Honghai – China International Cultural Exchange Centre) යන මහත්ම මහත්මීන් හා පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් එක් වී සිටියහ.

මෙහිදී චීන ජාත්‍යන්තර සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය හා ශ්‍රි ලංකා සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය අතර සංස්කෘතික හුවමාරුවට අදාල අවබෝධතා ගිවිසුමක් ද ඉන්ද්‍රානන්ද අබේසේකර හා ෂියු හොන්ග්හායි යන මහත්වරුන් විසින් අත්සන් කළහ. තරුණ සංස්කෘතික හුවමාරුව, ජන මාධ්‍යව්දීන් හුවමාරුව, සන්නිවේදනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් එම ගිවිසුමට ඇතුළත් කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × one =