ගෝමරන්කඩවල ප්‍රදේශයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ඉදි කෙරුණු අලි වැට විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – දීර්ඝ කාලයක් පුරා පවතින අලි – මිනිස් ගැටුමට විසදුම් ලබාදෙමින් ගෝමරන්කඩවල ප්‍රදේශයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ඉදි කෙරුණු කි.මි 30 ක් වූ අලි වැට විවෘත කිරීම ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(20) පෙරවරුවේ සිදුවිය.

ඒ සදහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 21.2 කි. දැනට ග්‍රාමීය ජනතාව දැඩි ලෙස මුහුණපාමින් සිටින අලි මිනිස් ගැටුම් හේතුවෙන් අදාළ ප්‍රදේශවල සිදුවන හානි අවම කර ගැනීමට මේ තුළින් හැකියාව ලැඛෙනු ඇත.

අලි වැට ඉදිකිරීම සදහා ගස් කදන් වෙනුවට කොන්ක්‍රිට් කණු භාවිත කරන ප්‍රථම අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක් වන අතර, මේ සදහා යොදාගෙන තිඛෙන කොන්ක්‍රිට් කණු යුද හමුදාව විසින්ම නිෂ්පාදනය කරගෙන තිබේ.

උතුරු නැගෙනහිර ප්‍රධාන සංඝනායක පූජ්‍ය පොල්හේන්ගොඩ උපරතන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, විපක්ෂනායක ආර්. සම්බන්ධන්, පා.ම තුරෙයිරත්න සිංගම්, ත්‍රිකුණාමල ආසන සංවිධායිකා ආරියවති ගලප්පත්ති යන මහත්ම මහත්මීන් ඇතුළු නැගෙනහිර පළාතේ මහජන නියෝජිතයන් රැසක් ද, ති්‍රකුණාමල දිස්ත්‍රික් ලේකම් නිශ්ශංක පුෂ්පකුමාර, ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ප්‍රියන්ත පතිරණ, සිරිසර පිවිසුම ව්‍යාපෘති අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් නෙරංජන් රාමනායක, ඉදිකිරිම් අධ්‍යක්ෂ නිලධාරි මේජර් චමික ජාගොඩ යන මහත්වරුන් ඇතුථ නිලධාරින් මීට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *