නිදහස් පක්ෂයේ 07කට ආසන සංවිධායක ධූර අහිමි වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් ලෙස කටයුතු කළ සුසිල් ප්‍රේමජයන්ත, ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, චන්දිම වීරක්කොඩි, ටී.බී. ඒකනායක සහ ගුණරත්න වීරකෝන් යන අය ආසන සංවිධායක ධූරවලින් ඉවත් කර ඇති බව වාර්තාවේ.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ ඊයේ(21) රාත්‍රියේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව සුසිල් ප්‍රේමජයන්ත කඩුවෙල සංවිධායක ධුරයෙන්ද , ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න රත්නපුර සංවිධායක ධුරයෙන්ද , අනුර ප්‍රියදර්ශන යාපා කටුගම්පොළ සංවිධායක ධුරයෙන්ද , ලක්ෂ්මන් යාපා අබේවර්ධන හක්මන සංවිධායක ධුරයෙන්ද , ටී.බී ඒකනායක යාපහුව සංවිධායක ධුරයෙන්ද, ගුණරත්න වීරකෝන් කරන්දෙණිය සංවිධායක ධුරයෙන්ද, චන්දීම වීරක්කොඩි හබරාදූව සංවිධායක ධූරයෙන්ද ඉවත් කර තිබේ.

එසේම අද (21) සිට, අලුතින් සංවිධායකවරුන් පත් කෙරෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *