යුධ හමුදා සෙබලෙකුව මරාදමලා

(කොළඹ, ලංකාපුවත්) – මීරිගම, අඹේපුස්ස යුධ හමුදා කඳවුරේ යුධ හමුදා සෙබලෙකු යම් ආයුධයකින් ඇන ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් මීරිගම පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.

අද(21) අළුයම 04.40ට පමණ මෙය සිදුව ඇති බවට සැක කෙරේ.

වයස අවුරුදු 21 සෙබලෙක් මෙලෙස මිය ගොස් තිබේ. ඔහු කෑගල්ල, බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මියගිය සෙබලා යුධ හමුදා කඳවුර තුළ පිහිටි මුරකුටියක අළුයම 02.00 සිට 04.00 දක්වා කාලය තුළ රාජකාරී යෙදී සිටියදී මෙසේ ඝාතනයට ලක්ව ඇත. ඝාතනය සිදු කළ සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු කිසිවක් අනාවරණය වී නොමැත.

අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්‍ෂනය සිදු කිරීමට නියමිත ය.

මීරිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *