ඕස්ට්‍රේලියානු දේශසීමා වඩාත් ශක්තිමත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ගුවන් මගින් කෙරෙන ආවේක්‍ෂණ සහ ජලය මතුපිට සිදු කෙරෙන මුර සංචාර වඩාත් පුළුල් කරමින් ඕස්ට්‍රේලියාව ස්වකීය සමුද්‍රීය දේශසීමාවන් හි ආරක්‍ෂාව වඩාත් සවිබල ගන්වා ඇතැයි ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

ඕස්ට්‍රේලියාව විසින් මෙතෙක් දියත් කර ඇති ප්‍රබලතම දේශසීමා ආරක්‍ෂක ප්‍රතිපත්තිය 2013 වසරේ ඇරඹුණු දා සිට මිනිස් ජාවාරම් ක්‍රියා අනාවරණය, අතරමග නවතා වැටලීම සහ අධෛර්යමත් කිරීම ඉතාම සාර්ථක වී තිබේ. මිනිස් ජාවාරම් යාත්‍රා 33ක් මුහුද මැද දී අතරමග නවත්වා වටලනු ලැබූ අතර පුද්ගලයින් 827දෙනෙක් ඔහුන්ගේ රටට හෝ ඔවුන් පිටත්ය පැමිණි රට වෙත හෝ ආපසු හරවා යවා ඇත.

මිනිස් ජාවාරම් මගින් නිරන්තරයෙන් ඇති කරන තර්ජනයන්ට මුහුණු දීම සදහා අන්තර්ජාතික සහයෝගීත්වයේ සහ දැනට ක්‍රියාත්මක සුපරීක්‍ෂණයේ අවශ්‍යතාව මෑතක දී වියට්නාමයෙන්, ඕස්ට්‍රේලියාවට පැමිණි මිනිස් ජාවාරම් බෝට්ටුව මගින් යළිත් සිහිපත් කර දෙන සිද්ධියක් වේ. මෙම යාත්‍රාවෙන් පැමිණි 17දෙනාම ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් කඩිනමින් රඳවාගෙන නැවත වියට්නාමයට පිටත් කර යැවීය.

දේශසීමාවන් හි ආරක්ෂව ශක්තිමත් කිරීම සදහා ඕස්ටේලියානු දේශසීමා බලකායේ සතු වත්කම්වලට අමතරව රාජකීය ඕස්ටේලියානු නාවික හමුදාවේ සහ රාජකීය ඕස්ටේලියානු ගුවන් හමුදාවේ අතිරේක සම්පත් ද ඕස්ටේලියානු දේශසීමාව කරා එන සැක කටයුතු යාත්‍රා හදුනා ගැනීමට යොදවා ඇතැයි සදහන් වේ.

එසේම ඕස්ටේලියානු ෆෙඩරල් පොලිසිය විසින් සිදු කරන ඕස්ටේලියාවෙන් බැහැරව මිනිස් ඡාවාරම මැඩලීමේ ප්‍රයත්නයන් ද මේ ආකාරයෙන්ම ශක්තිමත් කර ඇති බව මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *