ජාතික මදුරු මර්දන සතිය හෙට සිට

(කොළඹ, ලංකාපුවත්) – ඊසාන දිග මෝසම් වර්ෂාවත් සමඟ ඉහළ යා හැකි ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අවම කීරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ඩෙංගු මර්දනය පිලිබද ජනාධිපති කාර්ය සාධක බලකාය ඒකාබද්ධව හෙට (26) සිට ඔක්තෝබර් 02වනදා දක්වා ජාතික මදුරු මර්දන සතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබේ.

“ඩෙංගු වලින් තොර රටක්” තෙමාව යටතේ මෙය ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු මාර්දන ඒකකය සදහන් කළේය.

2018 වර්ෂය තුල ඩෙංගු රෝගීන් වාර්ථාවීමේ සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කළ බවත් 2017 වර්ෂය සමඟ සැසදීමේදී 70% පමණ අඩුවීමක් බවත් එම ඒකකය පෙන්වා දෙයි. මේ තත්ත්වය ලඟා කර ගැනීම සඳහා ප්‍රජා දායකත්වය වැදගත් සාධකයක් වු බවද සඳහන් වේ.

මෙම සතිය තුලදී තෝරාගත් අවදානම් කලාප වල පරීක්ෂාව සිදු කිරීමට බලාපොරොත්තු වන දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ 175ක ක්‍රියාත්මක කිරීමට කටයුතු සලසා ඇත.

මෙම පරීක්ෂණ කටයුතු සදහා ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය සහ ප්‍රජා සෞඛ්‍ය කණ්ඩායම්, සාමාජිකයන් 6000කගේ දායකත්වය ලබාගන්නා අතර ගම් මට්ටමින් ග්‍රාම නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන්ගේද සහයෝගය ලබා ගැනේ.

මෙහිදී පාසල් හා ඉදිකිරීම් පරිශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් සැප්තැම්බර් 28 වන සිකුරාදා දිනය පාසල් පරීක්ෂාවටද, 29 වන සෙනසුරාදා දිනය ඉදිකිරීම් පරික්ෂාවද සිදු කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *