නියෝමාල් රංගජීවට ඇප

(කොළඹ, ලංකාපුවත්) –2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේදී සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතාට අභියාචනාධිකරණයෙන් ඇප නියම කර තිබේ.

ඒ අනුව පොලිස් පරීක්ෂකවරයා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප බැගින් මුදාහැරීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන නියෝග කෙරුණ අතර සැකකරුගේ විදේශ ගමන්ද තහනම් කෙරුණි.

ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමේන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *