ත්‍රස්ත විමර්ශනයේ තිබූ අවි 2ක් සී.අයි.ඩීයට ගත් කතාව අසත්‍යයි

(කොළඹ, ලංකාපුවත්) –ත්‍රස්තවාදී විමර්ශන දිසාවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදී විමර්ශන දිසාවේ තිබූ ස්වයංක්‍රීය ගිනි අවි දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් බවට පළවූ මාධ්‍ය වාර්තා සත්‍ය‍යෙන් තොර අතර, ත්‍රස්තවාදී විමර්ශන දිසාවේ තිබූ මෙවැනි ස්වයංක්‍රීය අවි කිසිවක් මෙම විමර්ශනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් භාරයට ගෙන නොමැති බව පොලිස් මූලස්ථානය ඊයේ (25) නිවේදනය කළේය.

තවද මෙම විමර්ශනය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර,කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව මෙම සිද්ධියේ පැමිණිලිකරු වන නාමල් කුමාර යන අයට දුරකථන සංවාදවල ඇතුළත් කටහඬ පිළිබඳ සිදුකරනු ලබන පරික්ෂණයට සහාය දීම සඳහා අද (26) දින රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට නියෝගයක් ලබාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *