සජිත් ‘මහින්ද රාජපක්‍ෂ‘නමින් ගමක් හදයි

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ජනාධිපති මහින්ද රාංපක්‍ෂ මහතාගේ නමින් ද නව ගම්මානයක් ඉදිකරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සියලුම ජනාධිපතිවරුගේ නමින් ගම්මාන ඉදිකිරීමට තීරණය කර තිබේ. ඒ අනුව මහින්ද රාජපක්‍ෂ මහතාගේ නමින් ද ඉදිරියේදී ගම්මානයක් ඉදිවනු ඇතැයි ඇමතිවරයා සදහන් කළේය.

ජාතියේ පියා වන මහාමාන්‍ය ඩී. එස්. සේනානයක මහතාගේ නමින් මේ වන විට ගම්මානයක් ඉදි කර ඇතැයි ද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *