ඉගිනිමිටියේ සිට ආණමඩුවට නව බස් සේවයක්

(කොළඹ, ලංකාපුවත්) – ඉගිනිමිටියේ සිට ආණමඩුව දක්වා විශේෂ බස් සේවාවක් ආරම්භ කිරීමට පියවර ගැනිණ. ප‍්‍රවාහන දුෂ්කරතාවකට මුහුණ දී සිටින ඉගිනිමිටිය ජනතාව වෙනුවෙන් මෙම සේවාව ආරම්භ කළේ වාරිමාර්ග අමාත්‍යංශය විසින් කි‍්‍රයාත්මක දියවර නෑයෝ වැඩසටහනට සමගාමීවයි.

අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් නව බස් සේවාව ආරම්භ වූ අතර, ආණමඩුව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ සංවිධායක ආනන්ද සරත් කුමාර මහතාද එම අවස්ථාවට සහභාගී විය.

ඒ අනුව නව බස් සේවාව ඉගිනිමිටියේ සිට ආණමඩුව දක්වා දවස පුරා කි‍්‍රයාත්මකය. පාසල් දරුවන් ප‍්‍රවාහනය කිරීම වෙනුවෙන්ද වෙනම බස් සේවාවක් ආරම්භ කෙරිණ.

දියවර නෑයෝ වැඩසටන යටතේ සිදුවන්නේ ඉගිනිමිටිය ගොවිජනපද ව්‍යාපාරයේ අවශ්‍යතා කඩිනමින් ඉටු කිරීමයි. සියළුම වාරිමාර්ග හා වැව් අමුණු පූර්ණ ප‍්‍රතිසංස්කරණයකට ලක්කෙරෙන අතර, ප‍්‍රදේශයේ මාර්ග සැකසීමත්, විදුලිය ඇතුළු අනෙකුත් පහසුකම් ලබා දීමත් මේ යටතේ සිදු කෙරේ. ඒ වෙනුවෙන් යොදවා ඇති යන්ත‍්‍ර සූත‍්‍ර ගණන 150 කි. පසුගිය 08 දා ආරම්භ කරන ලද එම ව්‍යාපෘතිය අවසන් වන්නේ ලබන 30 දායී. ඒ දක්වා කාලය තුළ ගොවි ජනපද නියෝජිතයින්ගේ අදහස් හා යෝජනාවලට අනුව සංවර්ධන කටයුතු සිදු කිරීම මෙම ව්‍යාපෘතියේ විශේෂත්වයයි.

වාරිමාර්ග හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේ මෙම ව්‍යාපෘතිය සඳහා රජය වැය කරන මුදල රුපියල් මිලියන 17 ක් බවයි. එහෙත් නිමි ව්‍යාපෘතිවල වටිනාකම රුපියල් මිලියන 170 ක් බවද ඔහු පැවසීය. සමස්ථ ව්‍යාපෘති ශ‍්‍රම දායකත්වය යටතේ සිදු කිරීම හේතුවෙන් අවම වියදමකින් උපරිම වැඩ කොටසක් සිදු කිරීමට හැකි වී ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *