මොරගහකන්ද ගැන සංචාරකයන්ගේ දැනුම පුළුල් කරයි

(කොළඹ, ලංකාපුවත්) –මොරගහකන්ද ජලාශය නැරැඹීමට පැමිණෙන පුද්ගලයන්ට ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් වඩාත් පුළුල් කර ඇතැයි ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා අංශය සදහන් කරයි.

මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය ආර්ම්භයේ සිට වැඩ අවසන් වන තෙක් ක්‍රියාත්මක වූ විවිධ ක්‍රියාකාරකම් ඇතුළත් වාර්තාමය කෙටි චිත්‍රපටයක් මෙන්ම අත්පත්‍රිකා ලබාදීම් ද මෙහි දී සිදුවන බව මහජන සම්බන්ධතා නිලධාරී පී. ජී. දයානන්ද මහතා කියා සිටියේය.

මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය නැරැඹීම සඳහා දිවයිනේ නන් දෙසින් පැමිණෙන සංචාරකයන්ට ජලාශය නැරැඹීමට පෙර මහජන සම්බන්ධතා අංශයට පැමිණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනුවත් වී ජලාශය නරඹන ලෙස දයානන්ද මහතා සංචාරකයන්ට දන්වා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *