සවස්කාලයේ දී දිවයින පුරා ගිගුරුම් සහිත වැසි

(කොළඹ, ලංකාපුවත්) –දිවයින පුරා බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ යැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරයි.

කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද සඳහන් වේ.

ඌව, සබරගමුව,බස්නාහිර, දකුණ, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයෙහි දැක්වේ.

එසේම දිවයනි වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැයට කිලෝමීටර් 20ත් 30ත් පමණ වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *