අතුරුදහන්ව සිටි අයෙකුගේ හිස කොටසක් හමුවේ

(කොළඹ, ලංකාපුවත්) – අතුරුදහන්ව සිටි පුද්ගලයෙකුගේ සිරුරේ හිස කොටස ඊයේ(26) දහවල් පොළොන්නරුව, මනම්පිටිය, ඩයස්ඕඩය ගංඟා ආශ්‍රිත ප්‍රදේශයේ තිබී සොයා ගෙන ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 57ක් වූ දළුකාන ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මෙම පුද්ගලයා ඉකුත් 23වනදා සිට අතුරුදන්ව සිට ඇතැයි සදහන් වේ.

පොලිසිය සිදු කළ මූලික පරීක්‍ෂණයේ දී මෙම හිස, අතුරුදන් වූ තැනැත්තාගේ බවට ඔහුගේ බිරිඳ විසින් හඳුනාගෙන තිබේ.

පොලොන්නරුව පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *