චීනයට ට්‍රම්ප්ගෙන් චෝදනා

(කොළඹ, ලංකාපුවත්) – ඇමෙරිකාවේ කොංග්‍රස් සභා මැතිවරණයට චීනය බලපෑම් කිරීමට උත්සාහ කරන බවට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා එල්ල කර ඇත.

අමෙරිකා ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සැසිවාරයට සමගාමීව පැවති රාජ්‍ය නායකයන්ගේ හමුවකට එක්වෙමින්ය. අමෙරිකාවේ කොංග්‍රස් සභා මැතිවරණය ලබන නොවැම්බර් 06 වනදා පැවැත්වීමට නියමිතය.

ඔහු කියා සිටියේ සිය පක්ෂයේ ප්‍රතිපත්තිවලට චීනය එකග නොවීම හේතුවෙන් මෙලෙස බලපෑම් එල්ල කිරීමට උත්සාහ දරණ බවයි. කෙසේ වෙතත් චීනය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − 4 =