බංග්ලාදේශය අවසන් තරගයට සුදුසුකම් ලබයි

(කොළඹ, ලංකාපුවත්) –ආසියානු කුසලානයේ සුපිරි කණ්ඩායම් හතර වටයේ පාකිස්තාන සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (26) පැවති තරගය ලකුණු 37 කින් ජයග්‍රහණය කරමින් අවසක් මහා තරගයට සුදුසුකම් ලබා ගැනිමට බංග්ලාදය සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශයට පන්දුවාර 48. යි පන්දු 5 කදී සියලුදෙනා දැවී ලකුණු 239 ක් රැසස් කළේය.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 240 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 202 ක් පමණි.

මෙ අනුව ලබන 28 වැනිදා ඉන්දියාව හා බංග්ලාදේශය අතර අසියානු කුසලාන අවසන් මහා තරගය පැවැත්වෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *