රාගම දී දෙදෙනෙක් දුම්රියට බිලි

(කොළඹ, ලංකාපුවත්) –මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වු සීග්‍රගාමී දුම්රියේ රාගම දුම්රිය හරස් මාර්ගයේ දී පුද්ගලයින් කිහිප දෙනෙක් ගැටීමෙන් අද(27) උදෑසන 08.10ට පමණ අනතුරක් සිදුව තිබේ.

අදාළ දුම්රිය හරස් මාර්ගයේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයන් දෙදෙනකු මෙලෙස දුම්රියේ ගැටී බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කළ බව පොලිසිය පැවසීය.

කෙසේ නමුත් රෝහලට ඇතුලත් කිරීමේ දී කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මියගොස් ඇත.

අනෙක් තුවාලකරුවන් දෙදෙනා රාගම රෝහගේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

රාගම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *