සියලු පොලිස් නිලධාරීන් රජයට පක්ෂපාතී විය යුතුයි – පොලිස්පති

(කොළඹ, ලංකාපුවත්) –සියලුම පොලිස් නිලධාරීන් රජයට පක්ෂපාතීව සේවය කළ යුතු බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

පොලිස්පතිවරයා මේ අදහස් පළ කළේ කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමිනි.

කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අභිනව වෙහෙර වහන්සේ සඳහා මුල්ගල තැබීම අද පෙරවරුවේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

අනතුරුව පෙර පාසල් දරුවන් කිහිප දෙනෙක් සඳහා ත්‍යාග බෙදාදීමෙන් පසු පොලිස්පතිවරයා හින්දු කෝවිල විවෘත කිරීම සඳහා එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 2 =