සුබ උපන්දිනයක් “ගූගල්”

(කොළඹ, ලංකාපුවත්) – ඕනෑම ප්‍රශ්ණයක් තත්පර ගාණක් ඇතුලතදී විසඳලා දෙන, කාටකාටත් නැතුවම බැරි දෙයියා, “ගූගල් දෙයියා” ලෝකෙට බිහි කරලා අදට(27) අවුරුදු 20ක් සපිරේ.

ලැරී පේජ් සහ සර්ගේ බ්‍රිං කියන තරුණයින් දෙපළ විසින් 1998 සැප්තැම්බර් 27 වනදා මුල්වරට ලොවට බිහිකරපු ගූගල් සෙවුම් යන්ත්‍රය අද වන විට අතුපර විහිදා ගිය අති දැවැන්ත ආයතනයක් බවටත් පත්ව ඇත.

වත්කමින් ඇපල් සමාගමට පමණක් දෙවෙනි වන ගූගල් සමාගම සිටින්නේ සුප්‍රසිද්ධ මයික්‍රසොෆ්ට් සමාගමටත් ඉදිරියෙනි.

ඔබ භාවිතා කරන ඇන්ඩ්‍රොයිඩ් දුරකථන මෙහෙයුම් පද්ධතියේ සිට, Youtube, Google Earth, Gmail, Google Adsense, Google Chrome, Google Analytics, Google Pay, Google Assistance, Google+ වැනි විවිධ යෙදවු ලොවට බිහිකරමින් මෙම දැවැන්ත ගූගල් සමාගම අද දිනයේ වසර 20 ක් වූ ජන්ම දිනය සමරන්නේ ඉදිරියට ලොවට දායාද කිරීමට ඇති නවමු වෙනස්කම් රැසක් සමගිනි.

එසේම 2006 වසරේදී ගූගල්, යූටියුබ් මිළදී ගනු ලැබුවේ අමෙරිකානු ඩොලර් බිලියන 1.65කට ය.

(හසිත හේරත් විසිනි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *