ඔලිම්පික් කමිටුවේ “GoodSport” නිල සඟරාව එළිදකී

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ “GoodSport” නිල සඟරාව එළිදැක්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) කොළඹ, ශැංග්‍රිලා හෝටලයේ දී සිදු කෙරිණි.

සඟරාවේ පළමු නිකුතුවේ, පළමු පිටපත ජාතික ඔලිම්පික් කමිටුවේ නව සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමිණ.

මෙම අවස්ථාවට තානාපතිවරු, ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා, හිටපු සභාපති හේමසිරි ප්‍රනාන්දු, ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති, නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ යන මහත්ම මහත්මීහු, ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුලූ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 + 5 =