ධීවරයින්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සියලු සහන

(කොළඹ, ලංකාපුවත්) –සියලු සහන ලබ දෙමින් ධීවරයින්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ක්‍රියා කරන බව, රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්ච් මහතා පවසයි.

එමගින් රටට වැඩිම විදේශ විනිමය උපයා ගැනීමට අපේක්ෂිතය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

මෙහි දී ධීවරයින් සඳහා මරුවැල් පන්න කට්ටල 130ක් සහ වින්චි යන්ත්‍ර 100ක් සඳහා මූල්‍යාධාර පිරිනැමුණි. බෝට්ටු අලුත්වැඩියාව සඳහා මුල්‍යාධාර පිරිනැමුණේ ධීවරයින් 130 දෙනෙකුට ය.

රුපියල් මිලියන 175කට අධික මුදලක් ඊට වැය කෙරුණි. මුදල් ප්‍රදානය කෙරුණේ බහුදින ධීවර යාත්‍රා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේය. ධීවර ජනතාවගේ උන්නතිය සඳහා ඉදිරියේ දී තවත් මූල්‍යාධාර පිරිනමන බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *