(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් ඉදිරි දින කිහිපයේ දී තවදුරටත් වැසි පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අමේ හේතුවෙන් දිවයිනේ මධ්‍යම කඳුකර ප්‍රදේශවල සහ ඌව, සබරගමුව, උතුරු – මැද සහ වයඹ පළාත්වල තද වැසි ඇතිවේ යැයි අපේක්ෂා කරනු ලැබේ.
ඇතැම් ස්ථානවලට මි:මී: 100 ඉක්මවූ තද වැසි බලාපොරොත්තුවන බව හම දෙපාර්තමේන්තුව නිවේදනය කරනු ලැබේ.
ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු සහ පැයට කි.මී. 70 – 80ක පමණ කෙටිකාලීන තද සුළං ද ඇති වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.