ඊශ්‍රායලය, සිරියානු දේශ සීමාව විවෘත කරයි

(කොළඹ, ලංකාපුවත්) – ඊශ්‍රායලය, ගෝලාන් කඳුකර ප්‍රදේශය හරහා වැටී ඇති සිරියානු දේශ සීමාව විවෘත කිරීමට තීරණය කර තිබේ.

ඒ එම ප්‍රදේශය සිරියානු රජයේ හමුදා පාලනයට නතු වීම හේතුවෙනි.

සිරියානු හමුදා එම ප්‍රදේශය අත්පත් කර ගැනීම සදහා පසුගිය කාලයේ මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කළේය.

මේ පිළිබඳ අදහස් දක්වමින් ඊශ්‍රායල ආරක්‍ෂක ඇමතිවරයා ඊයේ සදහන් කර ඇත්තේ එම ප්‍රදේශයේ ආරක්‍සාව තර කර ගැනීම සිරියාවේ වගකීමක් බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *