DIG නාලක ද සිල්වා රස පරීක්ෂක හමුවට

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කරීමට කුමන්ත්‍රණයක් සිදුකිරීම සම්බන්ධයෙන් කටහඬ සාම්පලයක් ලබාදීම සඳහා නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත අද(28) පැමිණියේය.

ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (27) නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලබා දුන් නියෝගයකට අනුවය.

දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර විසින් සිදුකළ හෙලිදරව්වේදී මෙම කුමන්තුණ හා ඒ හා සම්බන්ධ පුද්ගලයන් පිළිබදව තොරතුරු අනාවරණය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *