මාලදිවයින් හිටපු ජනපති ඇප මත නිදහස්

(කොළඹ, ලංකාපුවත්) –මාලදිවයිනේ හිටපු ජනාධිපති මවුමූන් අබ්දුල් ගයුම් ඇප මත නිදහස් කර තිබේ. ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය පෙබරවාරි මාසයේ දී ය.

පසුගියදා පැවැති ජනාධිපතිවරණයෙන් ඊබ්‍රාහීම් මෙහොමඩ් සෝලෙහ් ජයග්‍රහණය කළේය. ඔහු නොවැම්බර් 17වැනිදා දිවුරුම් දීමට නියමිතය.

සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඔහු, වත්මන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කර ඇත. හිටපු ජනාධිපතිවරයා නිදහස් කර ඇත්තේ ඒ අනුවය.

දැනට 80වැනි වියෙහි පසුවන මවුමූන් අබ්දුල් ගයුම් නිදහස් කර ඇත්තේ මාලදිවයින් රුපියල් 60,000ක ඇපයකට යටත්ව ය.

අබ්දුල් ගයුම් හට එල්ල වී ඇති චෝදනාව වන්නේ ඔහුගේ සහෝදරයා වූ පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජය වූ වත්මන් ජනාධිපති අබ්දුල්ල යමින් බලයෙන් පහ කිරීමට කුමන්ත්‍රණය කිරීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *