රොනී ලීච් සමුගනී

(කොළඹ, ලංකාපුවත්) – මෙරට ජනප්‍රිය ගායන ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකුද වූ රොනී ලීච් මහතා හදිසියේ අභාවප‍්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 65 වැනි වියේ පසු විය.

ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ යෙදි සිටි සංචාරයක් අතරතුරදී ඔහු මිය ගොස් ඇත්තේ හදිසියේ අති වූ හෘදයාබාදයකින් හේතුවෙනි.

ඔහු පසුගිය සෙනසුරාදා දිනයේ පර්ත් හි පැවති සංගීත ප‍්‍රසංගයක් සදහා ගායන ශිල්පිනී මරියසෙල් ගුනතිලක මහත්මියද සමඟින් සහභාගී වීමෙන් පසු අද පස්වරුවේ මෙරටට ඒමට නියමිතව සිටි ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *