ලෝක ළමා දින සැමරුම් උත්සවය අරලියගහ මන්දිරයේ දී

(කොළඹ, ලංකාපුවත්) – ලෝක ළමා දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

එම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු පිළිබද අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර, ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අශෝකා අලවත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ආරාධිත අමුත්තන් සහ පාසල් දරු දැරියන් රැසක් සහභාගි වී සිටියහ.

මෙහිදී විශේෂ දක්ෂතා දක්වන ලද දරුවන් සදහා අග්‍රාමාත්‍යතුමා විසින් ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීමක් ද සිදු කළේය.

එසේම ලෝක ළමා දිනය නිමිත්තෙන් නිකුත් කළ සමරු මුද්දරය, කාන්තා හා ළමා කටයුතු පිළිබද අමාත්‍යතුමිය විසින් අග්‍රාමාත්‍යතුමා වෙත පිළිගැන්වීම මෙම අවස්ථාවේ දී සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × two =