ඉන්දුනීසියාවේ මිය ගිය ගණන 800 ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දුනීසියාවට බලපෑ භූ කම්පනයෙන් අනතුරුව හටගත් සුනාමියෙන් කඩා වැටුණු ගොනැගිලි තුළ තවත් බොහෝ පිරිසක් සිරවී සිටිය හැකි බව, ඉන්දුනීසියානු බලධාරීන් සඳහන් කරයි.

ඛේදවාචකයෙන් මිය ගිය සංඛ්‍යාව 832ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

විපතට පත්වූවන් ගලවා ගැනීමේ සහන මෙහෙයුම් ක්‍රියාත්මකය. ගොඩනැගිලි තුළ සිරවී සිටින අය සෙවීම සඳහා යන්ත්‍රෝපකරණ ලැබෙන තෙක් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම අපහසුවී තිබේ.

ඉන්දුනීසියාවේ සුලවෙයි දිවයිනට ඉකුත් සිකුරාදා සවස රිච්ටර් පරිමාණයේ 7.5කින් ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගත්තේය. ඒ සමග හටගත් සුනාමි රළ හේතුවෙන්, එම දූපතට දැඩි හානි සිදුව තිබේ.

ඉන්දුනීසියානු බලධාරීන් පවසන්නේ, මිය ගිය පිරිස දහස් ගණනක් විය හැකි බවයි.

ජනාධිපති ජොකෝ විඩෝඩෝ ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායම්වලින් ඉල්ලා ඇත්තේ මෙහෙයුම පැය 24 පුරා ක්‍රියාත්මක කරන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *