පකිස්ථාන ආරක්‍ෂක ලේකම් හෙට දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – පකිස්තානයේ ආරක්ෂක ලේකම් ලුතිනන් ඉක්රාම් උල් හක් මහතා ඇතුළු එරට ඉහළ පෙළේ දූත පිරිසක් සිව් දින නිල සංචාරයක් සදහා හෙට (02) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ පිහිටි පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරන ලද්දේ පකිස්ථාන – ශ්‍රී ලංකා ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳ මෙම සංචාරයේ දී ඔවුන් අදහස් හුවමාරු කර ගැනීමට සූදානම් බවයි.

මෙම සංචාරය අතරතුර දී ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් ආර්. සී විජේගුණරත්න මහතා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරු හමුවී සාකච්ඡා පවත්වනු ලැබේ.

පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ඇති ආරක්ෂක සබඳතාවල පදනම් වී ඇති කලාපීය සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වාගෙන යාම සහ අන්නෝන්‍ය විශ්වාසය පිළිබඳව ආරක්‍ෂක ලේකම්වරයා මෙහිදී අවධානනය යොමු කරනු ඇත.

එසේම දෙරටේ සන්නද්ධ හමුදාවන් දෙක අතර වෘත්තීමය හා අනෝන්‍ය වශයෙන් පවතින සබඳතාව ප්‍රවර්ධනය කිරීම මෙම සංචාරයේ අරමුණ වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *