අගමැති නොර්වේ රාජ්‍යයේ නිල සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නොර්වේ රාජ්‍යයේ නිල සංචාරයක් සඳහා ඔක්තෝම්බර් 03 වන දා පිටත්ව යෑමට නියමිත ය.

නෝර්වේ රාජ්‍යයේ අගමැතිනි අර්නා සෝල්බර්ග් (Ms. Erna Solberg), ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ සභාපතිනි ටූනෙ විල්හෙල්ම්සන් ටෲන් (Ms. Tone Wilhelmsen Trøen), විදේශ ඇමැතිනී ඉනෙ එරික්සන් එස්ඔරෙයිදේ (Ms. Ine Eriksen Søreide) ඇතුළු ඉහළ පෙළේ නායක නායිකාවන් සමග වික්‍රමසිංහ මහතා ද්විපාර්ශවික සාකච්ඡා පවත්වනු ඇත.

ධීවර හා ජලජ සම්පත් සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මේ සංචාරයට එක්වෙති.

නෝර්වේ සංචාරයෙන් පසු අග්‍රමාත්‍ය වික්‍රමසිංහ මහතා ලන්ඩන් නුවර බලා පිටත්ව යෑමට ද නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven + twenty =