ඉන්දුනීසියානු ජනතාවට ජනපති සොව පළ කරයි

(කොළඹ, ලංකාපුවත්) –ජීවිත සිය ගණනක් විනාශ කරමින් හා බරපතළ දේපළ හානි සිදු කරමින් ඉකුත් 28 වනදා ඉන්දුනීසියාවේ මධ්‍යම සුලාවැසිහ ඩොංග්ගලා ප්‍රදේශයට ඇති වූ හදිසි සුනාමි තත්ත්වය හේතුවෙන් විපතට පත් සියලු ඉන්දුනීසියානු ජනතාවටත්, එරට රජයටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය කනගාටුව පළ කරයි.

ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩොඩෝ මහතා වෙත ශෝක පණිවිඩයක් යවමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ මෙම සිදුවීම අසා තමා දැඩි සේ කම්පාවට පත් වූ බවයි.

විපතට පත් සියලුදෙනා වෙත ශ්‍රී ලංකා රජයේත්, ජනතාවගේත් දැඩි සංවේගය පිරිනමන බව ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කර තිබේ.

මෙම අසීරු අවස්ථාවේ ඉන්දුනීසියාව සමඟ ශ්‍රී ලංකාව ද අත්වැල් බැඳගෙන සිටින බව සිය පණිවිඩයේ සඳහන් කර තිබෙන ජනාධිපතිවරයා මෙම ස්වභාවික විපත යටපත්කොට යළි නැගී සිටීමට ඉන්දුනීසියා ජනාධිපතිවරයාටත්, රජයටත්, ජනතාවටත් සිය ආශිර්වාදය පළ කර සිටින බව එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × three =