කොළඹ – කටුනායක අධිවේගි මාර්ගයේ පිවිසුම පෑලියගොඩින් වැසේ

(කොළඹ, ලංකාපුවත්) –නව කැළණි පාලම ඉදිරීමේ ව්‍යාපෘති කටයුතු හේතුවෙන් ,පෑලියගොඩ වටරවුමෙන් කොළඹ- කටුනායක අධිවේගි මාර්ගය සඳහා වු පිවිසුම් මාර්ගය ලබන 04 වැනිදා සිට 20 වැනිදා දක්වා තාවකාලිකව වසා තැබෙන බව පොලිසිය පවසයි.

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ වාහන සුපුරුදු පරිදා ගමන් කළ හැකි බවත් පෑලියගොඩ වටරවුම අසළින් කටුනායක දෙසට ගමන් ගන්නා මහජනතාව හා රියදුරන් එම කාලය තුළදී විකල්ප මාර්ග භාවිත කළ යුතු බව පොලීසිය පෙන්වා දෙයි.

එසේම විකල්ප මාර්ග කිහිපයක් ද පොලිසිය සදහන් කර ඇත

ජපන් මිත්‍රත්ව පාලම ඔස්සේ පෑලියගොඩ වටරවුම අසළින් අධිවේගී මාර්ගයට ඇතුළුවීම සදහා පැමිණෙන වාහන කොළඹ – මීගමුව මාර්ගයේ ඇති පිවිසුම ඔස්සේ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයට පිවිසිය හැකිය.

පෑලියගොඩ සිට පෑලියගොඩ වටරවුම අසළින් අධිවේගී මාර්ගයට ඇතුළු වීම සදහා පැමිණෙන වාහන, කොළඹ – නුවර මාර්ගයේ තොරණ හංදියේ ඇති පිවිසුම ඔස්සේ අධිවේගී මාර්ගයට පිවිසිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *