ඵෙතිහාසික ස්ථාන ගැන තොරතුරු දැන ගන්න ජංගම දුරකථන යෙදවුමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් හා ඵෙතිහාසික ස්ථානයන් පිලිබද තොරතුරු දැනගැනීමට සහ එම ස්ථාන නැරඹීම සදහා අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි ජංගම දුරකථන යෙදවුමක් එලිදැක්වේ.

‍‍මෙම e-Info CCF Sri Lanka ජංගම දුරකථන යෙදවුම PLAY STORE සහ APP STORE ඔස්සේ භාගත කර ගත හැකි වේ.

මධ්‍යම සංස්කෘතික අරමුදල (CCF) සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ඒකාබද්ධව මෙම යෙදවුම එලිදක්වා තිබේ.

මෙම යෙදවුම ඔස්සේ සංස්කෘතික ස්ථාන පිලිබද තොරතුරු පිරික්සීම සහ කිව්ආර් කේත (QR Code) මගින් එම ස්ථාන පිලිබද තොරතුරු වලට සවන්දීමටද හැකිවේ.

තවද මෙම ජංගම යෙදවුමෙහි ඇති සිතියම ආධාරයෙන් සංචාරකයින්ට බාහිර පාර්ශවයන්ගේ සහයෝගයකින් තොරව ඔවුන්ටම පුරාවිද්‍යාත්මක දත්ත හා ඵෙතිහාසික තොරතුරු පිලිබදවද දැනුවත් වීමට හැකිවීම විශේෂත්වයකි.
තවද මෙම තොරතුරු ෆේස් බුක්, ඉන්ස්ටගැම් සමාජ ජාල හරහා බෙදා ගැනීමේ පහසුකම්ද ලබා දී ඇත.

මෙම යෙදවුම ඵෙතිහාසික ලෝක උරුම සීගිරිය සදහා හදුන්වාදීම සීගිරිය සංස්කෘතික මධ්‍යස්ථානයේදී පසුගිය ජාත්‍යන්තර සංචාරක දිනයේදී උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අතින් සිදුවු අතර එහිදී අදහස් දැක්වු ඇමැතිවරයා සදහන් කළේ ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින තාක්ෂණික සංවර්ධනයට සමගාමීව ඩිජිටල් තාක්ෂණයෙන් දෙස් විදෙස් සංචාරකයින්ගේ පහසුව තකා මෙවැනි යෙදවුමක් ලබා දීමට හැකිවීම ගැන සතුටු වන බවයි.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ කාංචන තුඩුගල මහතා මෙහිදී සදහන් කළේ මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පවතින අනුරාධපුරය පොළොන්නරුව ආදී ‍‍ඵෙතිහාසික ස්ථාන වල තොරතුරුද ඉදිරියේදී මේ ආකාරයෙන් ලබා දීමට පියවර ගන්නා බවද එමෙන්ම ලෝකයේ ප්‍රධාන භාෂාවන් දාසයකට වැඩි ප්‍රමාණයකින් ද එම තොරතුරු සමන්විත ද වන බවයි.

www.ccf.gov.lk වෙබ් අඩවිය නව තාවයකින් ඉදිරිපත් කිරීමද මෙහිදී සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *