“සිගිති සිතැදි රූ” සිතුවම් දැක්ම ජනපති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) – ලෝක ළමා දිනය නිමිත්තෙන් සංවිධාන කරන ලද “සිගිති සිතැදි රූ” සිතුවම් දැක්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(01) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ දී ආරම්භ කෙරිණි.

කලාව මගින් ළමා මනස සුවපත් කිරීමේ අරමුණ ඇතිව Art of Life ළමා චිත්‍ර පුහුණු සමාජය විසින් මෙම සිතුවම් දැක්ම සංවිධානය කර තිබු අතර වයස අවුරුදු 03 ත් 12 ත් අතර දරුවන් ඒ සදහා සහභාගී කරවාගෙන තිබිණි.

මෙම සමාරම්භක අවස්ථාවට සහභාගී වූ ජනාධිපතිතුමා දරු දැරියන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය.

ගිති සිතැදි රූ සමරු කලාපය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

එමෙන්ම සුවිශේෂී දක්ෂතා දැක්වූ දරුවන්ට තිළිණ ප්‍රදානය කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

ඊයේ උපන්දිනය සමරන තිසිනි සමන්තා ලියනගේ දැරියට ජනාධිපතිතුමා අතින් පැළයක් ද පිළිගැන්විණි.

ප්‍රවීණ චිත්‍ර ශිල්පී තිලක් කලූලියනගේ මහතා ඇතුථ Art of Life ළමා චිත්‍ර පුහුණු සමාජයේ දරු දැරියන් විසින් නිර්මාණය කරන ලද ජනාධිපතිතුමාගේ රුව රැගත් සිතුවමක් ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

ප්‍රවීණ කලාකරු සතිස්චන්ද්‍ර එදිරිසිංහ, එඩ්වින් ආරියදාස යන මහත්වරුන් ඇතුළු කලාකරුවන්, විද්වතුන් ඇතුථ ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 + 13 =