යහපත් සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීම සදහා ක‍්‍රිස්බ්‍රෝ සුවශක්ති වැඩසටහන හදුන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) –නිරෝගී ජීවිතයක් සදහා යහපත් සෞඛ්‍ය පුරුදු ක‍්‍රිස්බ්‍රෝ සේවක මණ්ඩලය අතර ප‍්‍රවර්ධනය කිරීමට සුවශක්ති වැඩසටහන ආරම්භ කර තිබේ.

ක‍්‍රිස්බ්‍රෝ ව්‍යාපාරික ස්ථාන පිහිටි දිවයින පුරා ප‍්‍රදේශ 17 කදී ක‍්‍රිස්බ්‍රෝ සේවක මණ්ඩලය සහ ඔවුන්ගේ පවුලේ සමාජිකයන් වෙනුවෙන් මෙම වැඩසටහන ක‍්‍රියාත්මක වේ. ඒ සදහා අදාල ප‍්‍රදේශවල මහජන සෞඛ්‍ය කාර්යාලවල සහයෝගයද ලැබී තිබීම විශේෂත්වයකි.

සුවශක්තිසමාජ සත්කාරක සහ සේවක සුබසාධන වැඩසටහන යටතේ මූලික වෛද්‍ය පරීක්‍ෂණ කිරීමෙන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සදහා ඔවුන්ට අවශ්‍ය උපදේශන සපයා රෝහල් වෙත යොමු කෙරෙයි. සෑම වැඩසටහනකදී ම යහපත් සෞඛ්‍ය පුරුදු පිළිබදව සේවක මණ්ඩලය සහ ඔවුන්ගේ පවුලේ සමාජිකයන් නිසි ලෙස දැනුවත් කෙරෙන දේශණයක් ද පැවැත් වේ.

2018 වසරේ අගෝස්තු සහ සැප්තැම්බර් මස ක‍්‍රිස්බ්‍රෝ සමූහ ව්‍යාපාරයේ සෞඛ්‍ය සහ ආරක්‍ෂාව සදහා විශේෂයෙන් නම් කර තිබු අතර එම තේමාව ආවරණය වන ලෙස මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කෙරුණි. ඒ අනුව ඇස් පරීක්‍ෂා කිරීම, රුධිර පරීක්‍ෂාව, වකුගඩු පරීක්‍ෂාව හා කාන්තා රෝග පරීක්‍ෂාව, ඇතුළු පරීක්‍ෂණ රැසක් සිදු කර ඇත.

තවද මෙම සුවශක්තිවැඩසටහන යටතේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල පිහිටි රෝහල් ප‍්‍රතිසංස්කරණය කිරීම, මාතෘ සායන සහ ළමා සායන වැනි වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර තිබේ.

මෙම වැඩසටහනේ ප‍්‍රධාන සංවිධායක හා ක‍්‍රිස්බ්‍රෝ සමුහ ව්‍යාපාරයේ මානව සම්පත් සහ පරිපාලන කළමණාකරු රංජන මහින්දසිරි මහතා කියා සිටියේ යහපත් සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීම තුලින් සේවකයින්ගේ නිෂ්පාදන පඵදායිතාව සෘජුවම වර්ධනය වන බවත්, ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ සෞඛ්‍ය පුරුදු වර්ධනය මගින් ද සේවකයන්ගේ පඵදායිතාව වක‍්‍රව වර්ධනය වන බවත්ය. මේ මගින් සමාජයට ද යහපතක් සිදුවන බව මහින්දසිරි මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

ආයතනික සමාජ සත්කාරක සහ සේවක සුබ සාධන වැඩසටහන් රැසක් විවිධ සංකල්ප ඔස්සේ ක‍්‍රිස්බ්‍රෝ සමූහ ව්‍යාපාරය ක‍්‍රියාත්මක කරයි. සිසුදිරියවැඩසටහන යටතේ ක‍්‍රිස්බ්‍රෝ සේවක මණඩලයේ දරුවන්ගේ මෙන්ම ඉන් පරිබාහිර ශිෂ්‍ය ප‍්‍රජාවගේ අධ්‍යාපනය කටයුතු සදහා උපකාර කෙරෙයි. ක‍්‍රිස්බ්‍රෝ සමාගම් සමූහය සමග ව්‍යාපාරික කටයුතුවල නිරතවී සිටින ගොවී ප‍්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහල නැංවීමට වැඩසටහන් රැසක් මගින් උපකාර කිරීම දිරිසවියවැඩසටහනේ අරමුණ වේ.

ප‍්‍රජාඅරුණවැඩසටහන යටතේ ක‍්‍රිස්බ්‍රෝ සේවක මණ්ඩලයට නිවාස ඉදිකිරීම මෙන්ම ග‍්‍රාමීය ප‍්‍රජාවගේ යටිතල පහසුකම් සංවර්ධනයට ද ප‍්‍රතිපාදන සපයයි. “Crysbro Next Champ” වැඩසටහන මගින් අනාගත ලොව ජය ගන්නා දක්‍ෂ තරුණ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජාතියට හදුන්වා දෙමින් ඔවුන්ට අතහිත දීම සිදු කෙරෙයි.

මීට වසර 46 කට පෙර ආරම්භ කල ක‍්‍රිස්බ්‍රෝ සමාගම අද වන විට සේවකයන් 1100 කට අධික සංඛ්‍යාවක් සේවය කරන සමාගම් 6 කින් සැදුම්ලත් දැවැන්ත සමූහ ව්‍යාපාරයක් බවට පත්වී ඇත. දිවයින පුරා ස්ථාන 17 කදී නිෂ්පාදන කටයුතු කරන ශ‍්‍රී ලංකාවේ දැවැන්තම කුකුඵ නිෂ්පාදන කරන සමාගම් සමූහය වන ක‍්‍රිස්බ්‍රෝ වෙළෙදනාමය යටතේ කුකුඵ නිෂ්පාදන වර්ග 39 ක් වෙළෙදපලට ඉදිරිපත් කරයි. ලෝකයේ උසස්ම තාක්‍ෂණය භාවිතා කරමින් සම්පූර්ණ නිෂ්පාදන ක‍්‍රියාවලිය පරිඝණකගත කර උසස් ප‍්‍රමිතිය, නැවුම්බව, පෝෂණගුණය හා සෞඛ්‍යාරක්‍ෂිතභාවය පිළිබද විශේෂ සැලකිල්ලක් යොමු කරමින් තම නිෂ්පාදන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *